ප්‍රධාන හැඳින්වීම

ජාතික පොහොර ලේකම් කාර්යාලය
1988 අංක 68 දරණ පොහොර විධිමත් කිර’මේ පණත යටතේ 1988 දෙසැම්බර් මස 23 වන දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාද’ ජනරජයේ ගැසට් පත්‍රය අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය ආරම්භ කරනු ලැඛීය.

දැක්ම :

ශ්‍රී ලංකාවේ වගා කරන සියළු බෝග වල නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා අකාබනික හා කාබනික පොහොර නියමිත ප්‍රමිතියෙන් යුක්තව සම්පාදනය හා භාවිතය තහවුරු කිරීම.

මෙහෙවර 

පොහොර ව්ධිමත් කිරීෙමි පනතේ විධිවිධාන අනුව අදාල සියළු පාර්ශවකරුවන් සමිබන්ධ කරගනිමින් විද්‍යානුකුල නිර්දේශයන් මත පොහොර අවශ්‍යතාවය තක්සේරු කිරීම, පොහොර ආනයනය හා තොග පාලනය, නිසි ගුණාත්වයෙන් යුතු පොහොර ඛෙදාහැරීම හා අළෙවිය තහවුරු කිරීම, කාබනික හා අකාබනික පොහොර භාවිතයේදී පරිසර හිතකාමී ලෙස පොහොර භාවිතය වැඩි දියුණු කිර’ම, ගොවිි ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යුතුව පොහොර සහනාධාර යෝජනා ක්‍රමය මෙහෙයවීම හා පොහොර භාවිත ක්ෂේත්‍රයේ අක්‍රමිකතාවයන් වැළැක්වීම සදහා ක්‍රියාමාර්ග ගැනීම.

තිරසාර සංවර්ධන අරමුණ: අරමුණ 2.3 – 2030 වර්ෂය වන විට භුමිය සඳහා සුරක්ෂිත හා සමාන ප්‍රවේශය, අනෙකුත් ඵලදායි සම්පත් හා යෙදවුම්, දැනුම, මූල්‍ය සේවා, වෙළදපොළ අගය එකතු කිර’ම හා ගොවිපල නොවන රැකියා අවස්ථා මගින් කෘෂිකාර්මික ඵලදායිතාවය දෙගුණ කිරීම හා කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ, කාන්තාවන්ගේ, ස්වදේශිකයන්ගේ, ගොවි පවුල්වල, පශු කර්මාන්තයේ නියැලෙන්නන්ගේ හා ධීවරයන්ගේ ආදායම දෙගුණ කිර’ම.

ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා ආයතනයේ දායකත්වය:

  • ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් යුත් පොහොර ගොවීන් වෙත ලබා ගැනීමට පහසුකම් සැලසීම මගින් වගා කරනු ලබන වපසරිය හා අස්වැන්න ඉහල නැංවීම.
  • පොහොර සදහා සහනාධාරය මුදලින් ලබාදීම තුලිින් ගොවීන්ගේ් නිෂ්පාදන වියදම් අඩු වී ගොවීන්ගේ ආදායම වැඩි වීම.
  • වී සහ අතිරේක භෝග සදහා පොහොර සහනාධාර මුදල් ලබාදීමෙන් ආහාර භෝග නිෂ්පාදනය ඉහල යාමෙන් ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩි වීම.

අරමුණු:

  • දේශීය පොහොර අවශ්‍යතාවය හදුනාගැනීම
  • පොහොර ආනයනය හා තොග පාලනය
  • පොහොර වල ප්‍රමිතිය හා ගුණාත්මක භාවය තහවුරු කිරීම
  • පොහොර සඳහා මුදල් සහනාධාර ලබාදීමේ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කිරීම
  • පොහොර ඛෙදාහැරීමේ කටයුතු විධිමත්ව නියාමනය කිරීම

කාර්යභාරය

ජාතික පොහොර ලේකම් කාර්යාලය  රජයේ පොහොර සමාගම් (ලක් පොහොර, කොළඹ කොමර්ෂල් පොහොර) 
1988 අංක 68 දරණ පොහොර පණත විධිමත්ව ක්‍ර.යාත්මක කිරීම පොහොර ආනයනය,මිශ්‍ර කිර.ම, ඛෙදාහැර,ම හා වෙළදාම.
ස්වාරක්ෂක පොහොර තොග තත්ත්වයන් පවත්වාගෙන යාම.
ව්ද්‍යානුකුල පොහොර නිර්දේශයන් පදනම් කරගනිමින් පොහොර අවශ්‍යතාවය නිවැරැදිව හඳුනා ගැනීම පොහොර භාවිිතය හා ඛෙදාහැරිම පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම
පොහොර අවශ්‍යතාවය නිවැරැදිව වේලාවට සපුරාදීම තහවුරු කිර.ම
පොහොර වල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය තහවුරු කිරීම
ඒ ඒ භෝග සඳහා නිර්දේශිත පොහොර භාවිතය  විධිමත් කිරීම
රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළ විධිමත්ව ක්‍ර.යාත්මක කිරීම
පොහොර සම්බන්ධ කාර්යයන්හි නියුතු ආයතන වල කාර්යයන් විධිමත් කිරීම සඳහා ආයතන ශක්තිමක් කිරීම
පොහොර භාවිත ක්ෂේත්‍රයේ අක්‍රමිකතාවයන් අවම කිරීම හා පොහොර පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කිරීම

 

දේශීය පොහොර අවශ්‍යතාවය හදුනා ගැනීම හා පොහොර අවශ්‍යතාවය සැපිරීම
දේශීය පොහොර අවශ්‍යතාවය හදුනාගැනීම හා පොහොර ඛෙදාහැරීමේ කටයුතු විධිමත්ව නියාමනය කිරීම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධාන අරමුණක් වන අතර ඒ යටතේ පහත කාර්යයන් සිදු කරනු ලබයි.

  • දිස්ත්‍රික් මට්ටමින් පොහොර අවශ්‍යතාවය ගණනය කිරීම.
  • බෙදාහැරීමේ සැළසුම සකස් කිරීම.
  • රාජ්‍ය සමාගම් සතු යූරියා, ටී.එස්.පී හා එම්.ඕ.පී පොහොර තොග තත්ත්වයන් කන්නයට පෙර සමාලෝචනය කිරීම.
  • එම ශේෂ පොහොර තොග තත්ත්වයන් අඩු කර කන්නය සඳහා අවශ්‍ය ඉතිරි පොහොර ප්‍රමාණය ගණනය කිරීම.
  • මෙම පොහොර අවශ්‍යතාවය 65% හා 35% වන පරිදි ලංකා පොහොර සමාගමට හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට වෙන් කිරීම.
  • මාසික පොහොර අවශ්‍යතාවය අනුව ඉහත 65% හා 35% අනුපාතයට ලංකා පොහොර සමාගමට හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම අතර ප්‍රසම්පාදන සැළසුම සකස් කිරීම.
  • මෙම ප්‍රසම්පාදන සැලසුම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
    අනුමත ප්‍රසම්පාදන සැලස්ම ප්‍රසම්පාදන අංශය වෙත යොමු කිරීම.
  • මාසික අවශ්‍යතාවය අනුව පොහොර මිළ ගණන් කැඳවීම, ටෙන්ඩර් විවෘත කිරීම,විශ්ලේෂණය,තාක්ෂණික ඇගැයුම් කමිටු නිර්දේශ ලබා ගැනීම හා අමාත්‍ය මන්ඩලය පත් කල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගැනීම.
  • ප්‍රසම්පාදන කමිටුවේ තීරණ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීම, ගිවීසුම් අත්සන් කිරීම හා ණයවර ලිපි විවෘත කිරීම.

ඒ අනුව කන්නයට මාසයකටවත් පෙර පොහොර ආනයනය කිරීම.

දිස්ත්‍රික්කය ගොවීන් සංඛ්‍යාව  වගා වපසරිය (හෙක්.) සහනාධාර මුදල (රු.)
1 කොළඹ
2 ගම්පහ
3 කළුතර
4 මහනුවර 1,417 398.46 4,033,000.00
5 මාතලේ 176 70.02 715,000.00
6 නුවරඑළිය 1,259 473.15 4,734,000.00
7 ගාල්ල
8 මාතර
9 හම්බන්තොට 452 158.45 1,586,000.00
10 කුරුණෑගල
11 පුත්තලම
12 අනුරාධපුරය 25,980 19,053.10 190,531,000.00
13 පොළොන්නරුව 40 20.9 209,000.00
14 බදුල්ල 14,579 9,680.39 96,982,000.00
15 මොණරාගල 22,952 18,359.96 183,618,000.00
16 රත්නපුරය
17 කෑගල්ල 1 0.2 2,000.00
18 අම්පාර 6,351 5,418.50 53,436,074.00
19 ත්‍රිකුණාමලය
20 මඩකලපුව 849 337.2 3,372,000.00
21 කිළිනොච්චිය 840 344.4 3,444,000.00
22 මුුලතිව් (සම්පත්නුවර සමග) 372 148.4 1,484,000.00
23 මන්නාරම 1,426 542.4 5,424,000.00
24 වව්නියාව 520 231.6 2,316,000.00
25 යාපනය 10,598 3,219.18 35,695,000.00
එකතුව 87,812 58456.31 587,581,074.00